
අතීත චෙස් මාස්ටර් වරු (Past Chess Masters) - 1
12 May 2020
by global chess team
කාල් අර්නස්ට් ඇඩොල්ෆ් ඇන්ඩර්සන් (Karl Ernst Adolf Anderssen) (ජූලි 6, 1818 - මාර්තු 13, 1879) යනු ජර්මානු ජාතික චෙස් ක්‍රීඩකයෙකි. ඔහු 1851 සහ 1862 යන වසර වල පැවැති මහා අන්තර්ජාතික තරඟාවලි ජයග්‍රහණය කළ නමුත්, 1858 දී පෝල් මෝර්ෆිට (Paul Morphy) සහ 1866 දී විල්හෙල්ම් ස්ටයිනිට්ස්ට (Wilhelm Steinitz) එරෙහිව තරඟ පරාජයට පත්විය. ඒ අනුව, එවකට ලෝක චෙස් ශූරයා යන නාමය නොතිබුණද, 1851 සිට 1858 දක්වා කාලය තුල ඔහු සාමාන්‍යයෙන් ලොව ප්‍රමුඛතම චෙස් ක්‍රීඩකයා ලෙසද, සහ 1860 සිට 1866 දක්වා කාලය තුල සිටි ප්‍රමුඛතම සක්‍රිය චෙස් ක්‍රීඩකයා ලෙසද සැලකේ.
ඇන්ඩර්සන් උපත ලැබුවේ 1818 දී සිලෙසියාවේ ප්‍රෂියානු පළාතේ බ්‍රෙස්ලව්හි (වර්තමානයේ පෝලන්තයේ වෝර්කෝව්) ය. ඔහු බ්‍රෙස්ලව්හි උසස් පාසලෙන් උපාධිය ලබා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ගණිතය හා දර්ශනය හැදෑරීය. 1847 වසරේ වයස අවුරුදු 29 දී උපාධිය ලැබීමෙන් පසු ඔහු උපදේශකයෙකු ලෙස ෆ්‍රෙඩ්රික්ස්-ජිම්නාසියම් හි තනතුරක් ලබා ගත් අතර, පසුව ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. ඇන්ඩර්සන් නිහඩ, ස්ථාවර, වගකිවයුතු, ගෞරවනීය මධ්‍යම පන්තික ජීවිතයක් ගත කළේය. ඔහුගේ වෘත්තිය ගණිතය ඉගැන්වීම වන අතර ඔහුගේ විනෝදාංශය හා ආශාව වුයේ චෙස් ක්‍රීඩා කිරීමයි.
ඇන්ඩර්සන්ට වයස අවුරුදු නවයක් වන විට, ඔහුගේ පියා ඔහුට චෙස් ක්‍රීඩා කරන ආකාරය ඉගැන්වීය. ඇන්ඩර්සන් පැවසුවේ තම ළමා කාලයේදී විලියම් ලුවිස්ගේ (William Lewis) පොතක් වන Fifty Games between Labourdonnais and McDonnell in 1835 යන පොතේ පිටපතකින් ක්‍රීඩාවේ උපායමාර්ග (strategy) ඉගෙන ගත් බවයි.
1861 දී කෝලිෂ් (Kolisch) ලෝක ශූරතාවලිය සඳහා ඇන්ඩර්සන්ට අභියෝග කළේය. ඇන්ඩර්සන් 5 ට 4 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළේය. 1862 දී පෝල්සන් (Paulsen) ලෝක ශූරතාවලිය සඳහා ඇඩොල්ෆ්ට අභියෝග කළේය. තරගය සම තත්ත්වයක් වූ අතර ඇන්ඩර්සන් නිල නොවන ලෝක ශූරයකු ලෙස රැඳී සිටියේය. ඇන්ඩර්සන් යුරෝපයේ වඩාත්ම සාර්ථක තරඟාවලි ක්‍රීඩකයා බවට පත්විය. ඔහු ඇතුළු වූ ඉසව්වලින් අඩකට වඩා ජයග්‍රහණය කළේය. මීට යුගයේ ප්‍රබලතම තරඟාවලියක් වූ 1870 දී පැවති බේඩන්-බේඩන් (Baden-Baden) තරඟාවලියද ඇතුළත්ය. ඔහු මෙම සාර්ථකත්වයන් බොහොමයක් ලබාගත්තේ වයස අවුරුදු 50 ඉක්මවූ පසුවය.
1858 දී මෝර්ෆි හා 1866 දී ස්ටෙයිනිට්ස් සමඟ තරගය පරාජයට පත්වීමෙන් පසු, ඔහු නැවත චෙස් ක්‍රීඩාව සඳහා කැපවිය. විශේෂයෙන් එන්ඩ් ගේම්ස් (endgames) සහ ස්ථානීය ක්‍රීඩාව (positional play) යන චෙස් ක්‍රීඩාවේ අංශ දෙක අධ්‍යයනය කිරීමට වැඩි අවධානයක් දෙන ලදී. එහි ප්‍රතිඵලය වූයේ ඇන්ඩර්සන් සිය පනස් ගණන්වල මුල් භාගයේදී ඔහුගේ වෘත්තියේ හොඳම චෙස් ක්‍රීඩා කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇන්ඩර්සන් සිය වෘත්තීය දිවියේ අවසාන අවධියේදී ඉතා සාර්ථක තරග වාර්තාවක් සම්පාදනය කළේය: පළමු ස්ථාන පහක්, දෙවන ස්ථාන දෙකක්, තෙවන ස්ථාන දෙකක්; ඔහුගේ සෞඛ්‍ය තත්වය අසාර්ථක වෙමින් පැවති ඔහුගේ ජීවිතයේ අවසාන වසරේ හයවන ස්ථානයක් ද දිනාගැනීමට ඔහු සමත්විය.
ඇන්ඩර්සන් අදටත් ප්‍රසිද්ධ වන්නේ ඔහු ඉතා දක්ෂ ලෙස ඉත්තන් පරිත්‍යාග කරමින් කළ ප්රහාරාත්මක (sacrificial attacking play) ක්රීඩා විලාශය නිසාය, විශේෂයෙන් “Immortal Game” (1851) සහ “Evergreen Game” (1852) යන තරග දෙක දැක්විය හැක.
ඔහු චෙස් ගැටලු නිර්මාණය (chess compositions) කිරීමේ වර්ධනයට කටයුතු කළ වැදගත් චරිතයක් වූ අතර, චෙස් ගැටළු නිර්මාණය කිරීමේ "පැරණි පාසල" සිට නවීන අලංකාර සහ සංකීර්ණ චෙස් ගැටළු නිර්මාණය කරා මාරුවීම ඉදිරියට ගෙන ගිය අයෙකි. ඔහුගේ පළමු කෘතිය වන චෙස් ගැටලු 60 කින් සමන්විත් Aufgabe für Schachspieler ("Task for chess players") 1842 දී එලි දැක්වීමත් සමග ප්‍රථම වරට චෙස් ලෝකයේ අවධානය ඔහු වෙත යොමුවෙන්නට පටන්ගත්තේය. ඉන්පසු වසර ගණනාවක්ම චෙස් සඟරා වල ඔහුගේ චෙස් ගැටලු ප්‍රකාශ වන ලදී. ඔහුගේ චෙස් ගැටලු එකතුවක් පොතක් ලෙස දෙවන වරට 1852 ප්‍රකාශයට පත්කරන ලදී
ඔහු සෙසු ක්‍රීඩකයන් අතර වඩාත්ම ප්‍රසාදයට ලක්වූ චෙස් මාස්ටර්වරයෙක් වූ අතර, ක්‍රීඩාවේ “වැඩිහිටි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු” ලෙසද ඔවුන් ඔහුව සැලකූහ. මේ හේතුව මත අන් ක්‍රීඩකයින් ක්‍රීඩාව ගැන උපදෙස් ලබා ගැනීමට මෙන්ම ක්‍රීඩාවේදී ඇතිවන ගැටලු බේරුම්කරගැනීම සඳහාද ඔහු වෙත යොමු වූහ.
ඇන්ඩර්සන් ගේ ජීවිතයේදී ක්‍රීඩා කළ වඩාත් වැදගත් තරග දහයක් පහතින් දක්වා ඇත.